Gossips

සංවිධානාත්මක පළිගැනීමක් ගැන හිටපු මහ බැංකු අධිපතිගෙන් චෝදනා

පසුගිය රජයේ සමීපතමයින්ගෙන් වත්මන් රජය සංවිධානාත්මක පළිගැනීමක නිරතව සිටින බවට හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඞ් කබ්රාල් චෝදනා කරනවා.
යුක්තියට හඩක් සංවිධානය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, පොලීසිය රාජකාරිය මගහැර රජයේ දේශපාලන අවශ්‍යතා සිදුකිරීම නිසා වර්තමානයේ අපරාධ රැල්ලක් බිහිවී ඇති බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් දේශප්‍රේමී වෘත්තීකයින්ගේ සංසදයේ කැදවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා සඳහන් කළා.