Gossips

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ 10,000 කට චීනයෙන් දඩුවම්

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් දස දහසකට දඩුවම් ලබාදී ඇති බව එරට මධ්‍යම කොමිසම සහ විනය පරික්ෂණ කොමිසම ප්‍රකාශ කළා.
සංවිධානාත්මක අපරාධ පිළිබඳ සිද්ධීන් 14,000 ක් සම්බන්ධයෙන් චීනය නීතිමය පියවර ගෙන ඇති බවයි ඔවුන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මීට අමතරව මෙවැනි සිද්ධීන්වලට සහය වූ රජයේ සේවකයින් 1899 දෙනෙකුටද පසුගිය වසරේ ස්ථාන මාරු ලබාදී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.