Gossips

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද සවස අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සතුව තිබී අත් බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 450 ක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
අවුරුදු 32 ක් වයසැති සැකකරු ඒකල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දෑලත් ශෂේන්ද්‍ර අශාන් කුමාර හෙවත් රත්තා යන නමින් හැඳින්වෙන අයෙක්.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.