Gossips

සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

නිට්ටඹුව – රුක්ගහවිල ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
වයස අවුරුදු 26 ත්, 36 ත් අතර වයස්වල පසුවන උඳුගොඩ, රුක්ගහවිල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.