Gossips

සංවර්ධන බැදුම්කර වෙන්දේසිය අවසන්

පසුගිය 21 වනදා විවෘතවූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය ඊයේ අවසන් වුණා.
එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 200 බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් කළ බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ.
එහි කල් පිරීමේ කාලය වසර 1 යි මාස 6 ක්, වසර 2 යි මාස 6ක්, වසර 3 යි මාස 3 ක් සහ වසර 4 යි මාස 3 ක් ලෙස දක්වා තිබෙනවා.
මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන දෙකක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.