Gossips

සංවර්ධන කටයුතු අඩාලවීමට හේතුව ගෝඨාභය කියයි

සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති පුද්ගයින් වත්මන් රජය තුළ නොසිටීම නිසා රටේ සංවර්ධන කටයුතු මේවන විට අඩාලවී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ පානදුරේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
වියත්මඟ සංවිධානය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් පානදුර නගර ශාලා ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.