සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ එකට එක්ව ගමන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ‘‘ජනමහිමය’’ රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ ජන රැළියට එක්වුණා.
එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව රැළිය පැවැත්වෙන වේදිකාව වෙත පැමිණි බවයි.
මේ වන විටත් පාර්ලිමේන්තු වට රවුම අසළ දී ජනමහිමය රැළිය පැවැත්වෙනවා.