Gossips

සංවර්ධනය බෝඩ් ලෑලිවලට සීමාවෙලා – දිලුම් අමුණුගම

වත්මන් ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල බෝඞ් ලෑලිවලට පමණක් සීමාවී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලූම් අමුණුගම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් කෝප් කමිටු සාමාජිකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අනාවරණය වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින්.