කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තමන් කඩිනමින් ඇතුළත් කර ගන්නා ලෙසට බලකරමින් විරෝධතාවයේ නිරත වූ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාරදී තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත අදාළ සංදේශය භාරදීමෙන් අනතුරුව ඔවුන් විසිර ගිය බවයි එම ස්ථානයේ සිටි අප වාර්තාකරු සදහන් කළේ.
කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක නිරත වූ සයිටම් සිසුන් පසුව පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.
එම අවස්ථාවේදී ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමටයි පොලීසිය කටයුතු කළේ.
