හික්කඩුව, නාරිගම ප්රදේශයේ ගංජා මිලි ග්රෑම් 500 ක් ළඟ තබාගෙන සිටියදී හික්කඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරැට රැපියල් දස දහසක (10,000/-) දඩයක් ගාල්ල අතිරේක මහේස්ත්රාත් අසංගා අයි.හෙට්ටිවත්ත ඊයේ (22) නියම කර තිබෙනවා.
සැකකරැට මාස 12 ක බරපතල වැඩ ඇතිව සිර දඩුවම්ද නියම කළ මහේස්ත්රාත්වරිය එය වසර 10 කට අත්හිටුවීමටද නියෝග කළා.
මෙසේ දඩ හා අත්හිටවූ සිර දඩුවම් නියම කරන ලද්දේ හික්කඩුව, නාරිගම පදිංචි ඩබ්ලිව් කසුන් නමැති 29 හැවිරිදි තරුණයෙකුට බවයි සඳහන් වන්නේ.
හික්කඩුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක ලක්මාල්ට ලැබුණ තොරතුරකට අනුව සැකකරු හික්කඩුව, නාරිගම මුහුදු වෙරළේදී අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබී ගංජා තොගය සොයා ගෙන තිබෙනවා.
සැකකරු හික්කඩුව මුහුදු වෙරළේ සැරිසරමින් සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන බවත් සැකකරු ගංජා පානයට ඇබ්බැහි වූවෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.