කොළඹ වරාය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ වරාය වෙත පැමිණෙන සංචාරක මගීි නෞකාවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරය පවසනවා.
මේ වසරේ ගෙවුණු මාස 10ක කාල සීමාව තුළ කොළඹ වරායට පැමිණි සංචාරක මගී නෞකා සංඛ්‍යාව 45ක්.
පසුගිය වසරේ එම කාලයේදී පැමිණ ඇත්තේ මගී නෞකා 35 ක් පමණක් බවයි වරාය අධිකාරිය සඳහන් කළේ.
මෙම වසර තුල ගාල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට වරාය ඇතුලුව සමස්ත සංචාරක වරායන් වෙත පැමිණි මගී නෞකා සංඛ්‍යාව 58ක්.
