Gossips

සංචාරකයින් 14ක් සමඟ ගුවන් බැලූනයක්, කුරුණෑගල වෙල් යායකට

කුරුණෑගල – දොඩම්ගස්ලන්ද – මීපිටිය ප්‍රදේශයේ වෙල් යායකට විදේශිකයන් 14 දෙනෙකු ගමන් ගත් ගෑස් බැලූනයක් අද (13) උදෑසන හදිසියේ ගොඩ බස්වා තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ උණුසුම් වායු බැලූනය ගොඩබැස්වීම හේතුවෙන් වගා කර තිබූ වෙල් යායට ද හානි සිදුව ඇති බවයි.
එහෙත් බැලූනය හදිසියේ ගොඩ බස්වා නොමැති අතර, එය වෙල් යායට කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.
කෙසේ වෙතත්, බැලූනයේ සිටි විදේශිකයන් සඳහන් කරන්නේ තමන් හදිසි ගොඩබෑමක් ලෙස එය වෙල් යාය මතට පතිත කළ බවයි.
බැලූනය ගොඩබැස්සවීම හේතුවෙන් සිය කුඹුරට දැඩි හානි සිදුව ඇති බැවින් ඒ සඳහා බලධාරීන්ගෙන් වන්දියක් ඉල්ලා සිටින බවයි කුඹුරේ හිමිකරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.