රටේ වත්මන් දේශපාලන වාතාවරණය සංචාරක කර්මාන්තයට බලපෑමක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇතැම් රටවල් මෙරට වත්මන් දේශපාලන ගැටළු විශාල අර්බුදයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බවයි.
එමෙන්ම, වර්තමානයේ සංචාරක අවලංගු කිරීම් සඳහා දේශපාලන තත්ත්වය බලපා නොමැති බව ඔහුගේ අදහසයි.
දැන් මෙරට පැවැත්වෙන එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා බාමි – ආමි ලෙස හඳුන්වන බ්‍රිතාන්‍ය ක්‍රිකට් රසිකයන් 4000කට වැඩි පිරිසක් මෙන්ම තානාපති කාර්යාල නිලධාරීන් ද එක්ව සිටින බවයි විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ පෙන්වා දුන්නේ.