දකුණු වෙරළ තීරයේදී විදෙස් සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
පසුගිය 8 වනදා අලූයම් කාලයේදී වැලිගම – මිරිස්ස වෙරළ තීරයේදී විදේශීය සංචාරකයන් කිහිපදෙනෙකුට පහරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තාවුණා.
ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගත් අතර ඔවුන් සියලූදෙනා අද (19) මාතර මහේස්ත්රාත් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම අලූත් අවුරුදු දිනට පසුදා වැලිගම – මිදිගම වෙරළ තීරයේදී ඊශ්රායල ජාතිකයන් පස්දෙනෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් මිදිගම, අහංගම සහ මිරිස්ස ප්රදේශවල පදිංචිකරුවන්.