විදේශ සංචාරකයන් මෙරට දී මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කරනු ලබන සියයට 15ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් වෙත ආපසු ගෙවීම හෙට සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තයේදී හෙට පස්වරුවේ විවෘත කිරීමට නියමිතයි.
2018 අයවැය මගින් යෝජිත මෙම ක්‍රමයට ඇතුළත්වීම සඳහා වෙළද ආයතන හිමිකරුවන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ව්‍යාපෘතිය යටතේ තම වෙළද ආයතන ලියාපදිංචි කළ යුතුයි.
මෙය ශ්‍රී ලංකාව ආසියාවේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට මෙන්ම, විදේශ සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීමට හේතු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.