Gossips

සංගරීගේ සන්ධානයත් දෙකඩ වේ

වවුනියාව නගර සභාවේ බලය පිහිටුවීමේදී ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහයක පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී තමිල් අරසු පක්ෂය ඉන් ඉවත්වී තිබෙනවා.
එහි මහ ලේකම් වී.එස්. සිවගරන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ එම නගර සභාවේ බලය පිහිටුවීමේදී පොදුජන පෙරමුණේත් නිදහස් පක්ෂයේත් සහය ලබාගනිමින් සන්ධානයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින් කටයුතු කර ඇති බවයි.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන ආනන්ද සංගරී නායකත්වය දරණ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ එක් පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී තමිල් අරසු පක්ෂය ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
වවුනියාව නගර සභාවේ බලය මෙතෙක් කලක් පැවතුණේ දෙමළ ජාතික සන්ධානය යටතේයි.
කෙසේ වෙතත් පෙරේදා නව සභාපතිවරයා තේරීමේදී එම සන්ධානයට වඩා වැඩි ඡන්ද 02ක් ලබාගනිමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කළා.