Gossips

සංඛපාල කඳු මුදුනේදී සිදුවූ ඛේදවාචකය

රත්නපුර – සංඛපාල කඳු මුදුනට ඊයේ (17) දහවල් ගිය 20 දෙනෙකුගෙන් යුත් වන්දනා නඩයේ එක් අයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ නුවර සිට පැමිණි මෙම කණ්ඩායම උඩවලව පොලීසියද දැනුම්වත් කර සංඛපාල කන්ද තරණය කර ඇති බවයි.
අනතුරුව එම වන්දනා නඩයේ සිටි පුද්ගලයෙකු හදිසියේ සිහි විසඥ වීම නිසා ඒ සම්බන්ධයෙන් ඔවුන් උඩවලව පොලීසියට දැනුම්දී තිබෙනවා.
උඩවලව පොලීසියේ නිලධාරීන් පිරිසක් උඩවලව දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සමඟ පසුව එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මිය ගොස් ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා.
මෙලෙස මියගිය පුද්ගලයා මාළිගාතැන්න – තලාතුඔය – ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) සිදුකිරීමට නියමිතයි.