තම රටට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව සියයට 15 කින් අඩු කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
එමෙන්ම, සුදුසුකම් සපුරා එරටට පැමිණෙන සංක්‍රමණිකයින්ට වසර 3 ක් ගත වනතුරු ප්‍රධාන නගරවල ජීවත් වීමට ද අවස්ථාව ලබා නොදීමටයි ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත්තේ.
පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීම මෙම තීරණය ගැනීමට ඕස්ට්‍රේලියාවට බලපාන්නට ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.
