Gossips

සංක්‍රමණිකයන් වළක්වන්න, ට්‍රම්ප් දේශසීමාවට හමුදා යවයි

මධ්‍යම ඇමරිකාවේ සිට එක්සත් ජනපදය වෙත පැමිණෙන සංක්‍රමණික තවලම වළක්වාලීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, මෙක්සිකෝ දේශසීමාව වෙත 5200ක අමතර හමුදා බල ඇණියක් යවා තිබෙනවා.
එය සිරියාවේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සමඟ සටන් වැදීමට යොදවා ඇති ඇමරිකානු හමුදා භට පිරිස මෙන් දෙගුණයක්.
ජනපති ට්‍රම්ප් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ පාද චාරිකාව හැදින්වූයේ ඇමරිකා එක්සත් ජනපදය ආක්‍රමණය කිරීමේ පියවරක් ලෙසයි.
මේ නිසා එය වැළැක්වීම සඳහා මෙලෙස හමුදා බලය යොදවන බවයි ඔහු කියා සිටියේ.