Gossips

ෂෙහාන් සේමසිංහට එරෙහිව නීතිමය පියවර ගන්නවා – මුජිබර්

ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට එක්වුණු පිරිසකට විෂ මිශ්‍ර කිරි පැකට් ලබාදුන්නේ තමන්යැයි චෝදනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් කිහිප දෙනෙකු ජනබලය කොළඹට විරෝධතාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
– අමාත්‍ය රාජිත සේනාරත්න
– මෙවැනි විශාල පිරිසක් ආණ්ඩුව එලවනතුරු කොළඹ ඉන්නවයි කියනකොට මොවුන්ට අඩුගානේ ආහාරපාන කොහොමහරි ගෙනල්ලා බෙදුවත් මොවුන්ගේ වැසිකිළි පහසුකම් ලබාදෙන්නේ කොහොමද..? ශාරීරික අවශ්‍යතාවයන් නාමල් රාජපක්ෂ වගේ බොළඳ ළමයෙකුට එවැනි කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒකයි කියවෙන්නේ. ඒවගේ ප්‍රායෝගික දේවල් දන්නේ නෑ. දැන් බලන්න ඊට පස්සේ එළිවෙනකොට පළාතෙම ඉන්න මිනිසුන්ට රැකියාව කරගන්නත් බෑ ඒ තරම් දුර්ගන්ධය. එතකොට බැසිල් කරපු වැඩ කරන්නට හදලා නාමල් නිකං අනාගත්තා. මොකද බැසිල් නැතිවුණාට මේවා කරන්න පුළුවන් කියලා අප්පොච්චිට පෙන්වන්න තමයි ගියේ. එයා අත පුච්චගත්තා. හැබැයි නාමල් බේබිලාටනම් කිසි අමාරුවක් නෑ ඔවුන් හිටියේ හිල්ටන් එකේ. හිල්ටන් එකේ තට්ටු දෙකක් බුක් කරලා. ඉතින් මේකේ වාසිය තිබුණේ කාටවත් නෙවෙයි හිල්ටන් එකටයි, ෂැන්ග්‍රිලා එකටයි, ටාජ්
එකටයි.
– මුජිබර් රහුමාන්
– විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා පාර්ලිමේන්තුව ඇතුලේ මාළිගාවත්තේදී මේවා ලබාදුන්නා කියලා. එතකොට දැන් පෙලිසියට ගිහිල්ලා පැමිණිලි දාපු උදවිය කියනවා කොම්පඤ්ඤ වීදියේ යුනියන් ප්ලේස් එකේදී තමයි මේ කිරිපැකට් ලබාදුන්නේ කියලා. 500 ක් හිටියානම් 1000 ක් හිටියානම් ඒ කවුරුත් අඳුරලා නෑ මේ බෙදන එක්කෙනා කවුද කියලා. අඩුම ගානේ එකම මිනිහෙක්වත් ඉන්න එපැයි අඳුරන එක්කෙනෙක් මේ බෙදන එක්කෙනාගෙන් ගන්න. මොකක්ද ගම්මන්පිල මහත්තයා කිව්වේ අපි කෑම බීම උයනවා ටෙන්ට් ගහගෙන ඉන්නවා දෙන කෑම කන්න එපා කියලා කිව්වා. ප්‍ර වේශම් වෙන්න කියලා කිව්වා. එතකොට අපිට සැකයක් තියෙනවා දැන් මේ ගම්මන්පිල මහත්තයාද දන්නෑ මේවා දුන්නේ කියලා. හොස්පිටල් එකත් ඇලට් එකේ තියන්න කිව්වා. අනිවාර්යෙන්ම මම පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ පිළිබඳ විභාගයක් කළ යුතුයි. ඒ වගේම තමයි ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මට චෝදනාවක් කළා. ඒකට විරුද්ධව මම නීතිමය පියවර ගන්නවා. මගේ කීර්ති නාමයට හානි කිරීම ගැන.
– නලින් බණ්ඩාර
– මේගොල්ලෝ සැලසුම් කෙරුවෝ ලක්ෂ දෙකක් ගෙන්ල්ලා අරලියගහ මන්දිරය වට කරන්න. අධිකරණ සංකීර්ණය වට කරන්න. හැබැයි ආපු සෙනඟ ප්‍රමාණවත් නැති නිසා මේගොල්ලෝ ලේක්හවුස් වටරවුමට කොටුවුණා. අර නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ මන්ත්‍රීකම ලහිරු මල්ලිට දුන්නානම් ඔයිට වඩා ඔය වැඩේ කරයි. එක රැයක් නෙමෙයි මේ ආණ්ඩුව පෙරලනකම් රෑ 10 ක් හරි කොළඹ වට කරගෙන ඉන්නවා කියපු වීරවංශ දැන් කිරි පැකට් එකක් අහනවා.