Gossips

ෂී – ජින්පින් ජීවිතාන්තය දක්වා, චීන ජනපති ධුරයට

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරමින් ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට චීනයේ ජාතික මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වත්මන් ජනාධිපති ෂී – ජින්පින්ට සිය ජීවිතාන්තය දක්වා ධුරයෙහි රැදී සිටීමට හැකියාව ලැබෙනු ඇති.
ඊට අදාළ යෝජනාව, පාර්ලිමේන්තුව අනුමත කරමින් ඡන්ද විමසීමක් සිදුකළ අතර, යෝජනාවට පක්ෂව ඡන්ද 2958ක් ලැබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
යෝජනාවට විරුද්ධව ඡන්ද දෙකක් හිමිව ඇති අතර, සභිකයන් 03 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.
මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ 1990 වසරේ සිට ක්‍රියාත්මක චීන ජනාධිපතිවරයෙකුගේ වසර දෙකක් වන ධුර කාලය අහෝසි වනු ඇති.