ඉම්රාන් ඛාන්ගේ නව පාකිස්ථාන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ෂා මහමුද් කුරේෂි යළි පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර 2008 වසරේ සිට 2011 වසර දක්වා පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
ඒ, පාකිස්ථාන මහජන පක්ෂය බලය හිමිකරගෙන සිටි කාලය තුළයි. කෙසේ නමුත් පසුගිය කාලයේදී ඔහු ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළා.