Gossips

ශූරතාව දිනූ දැල් පන්දු කණ්ඩායම දිවයිනට

ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.
ඔවුන් පිළි ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම දැල් පන්දු සංගමයේ නිලධාරීන් ද එක්ව සිටි බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ.
සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අවසන් තරගයේදී ලකුණු 69 ට 50 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම ශූරතාව හිමි කර ගත්තේ 5 වන වරටයි.