Gossips

ශීත කාලගුණය තවදුරටත්

දිවයින පුරා පවතින ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල්තුහින පතිතවීමේ හැකියාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකියි.