Politics Sri Lanka

ශීත ඔලිම්පික් උළෙලේ දැනට නෝර්වේ මුල් තැනට

ශීත ඔලිම්පික් උළෙලේ දැනට නෝර්වේ මුල් තැනට

2018 වසරේ ශීත ඔලිම්පික් උළෙල මේ දිනවල දකුණු කොරියාවේ පියෝංචැන් හිදී පැවැත්වේ. පසුගිය පෙබරවාරි 9න් ඇරඹි ක්‍රීඩා උළෙල මෙම මස 25වදා තෙක් පැවැත්වීමට නියමිතය.

රටවල් 92ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2914 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලේ මේවන විට පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට නෝර්වේ රාජ්‍යය සමත්ව ඇත. ඒ රන් පදක්කම් 11ක්ද රිදී පදක්කම් 11ක්ද ලෝකඩ පදක්කකම් 8ක්ද සමග මුළු පදක්කම් සංඛ්‍යාව 30ක් ලබා ගනිමිනි.

දැනට දෙවන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 11ක්ද රිදී පදක්කම් 7ක්ද ලෝකඩ පදක්කම් 5ක්ද ලෙස මුළු පදක්කම් 23ක් ලබාගෙන ඇති ජර්මනියයි.

තෙවන ස්ථානය දැනට හිමි කරගෙන ඇත්තේ කැනඩාවයි ඒ මුළු රන් පදක්කම් 9ක්ද රිදී පදක්කම් 5ක්ද ලෝකඩ පදක්කම් 6ක්ද ලෙස මුළු පදක්කම් 20ක් ලබා ගනිමිනි.

පදක්කම් සටහන තියුණු ජයග්‍රහණය සඳහා තරඟයක් ඇති බව නිරීක්ෂණය කළ හැක.