Politics Sri Lanka

ශිෂ්‍යයෙකුට පිස්තෝලයකින් පහරදුන් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට.

ශිෂ්‍යයෙකුට පිස්තෝලයකින් පහරදුන් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට.

රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ග්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කරන අතර සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ අලුත්කඬේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.