ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කරනවා.
ශිෂ්‍යත්වය සමත්වීම හෝ අසමත්වීම මත හිංසනයකින් තොරව දරුවා පිළිගන්නේ කෙසේ ද යන්න, සෑම වසරකම ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමට සතියකට පෙර දෙමාපියන් දැනුවත් කිරීමට වැඩසටහනක් සකස් කරන ලෙසටයි ජනාධිපතිවරයා සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (06) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
05 වසර ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ අනාගතය තීරණය කරන එකම කඩඉම බවට දෙමාපියන් විශ්වාස කිරීම හේතුවෙන් රටේ දරු පරපුරට මහත් පීඩාවකට මුහුණදීමට සිදුව තිබෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නා.
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල හමුවේ පසුගිය කාලය තුළ රටේ දරුවන්ට මුහුණදීමට සිදු වූ පීඩකාරී සිදුවීම් සිහිපත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ මේ පිළිබද සියලූ අධ්‍යාපන බලධාරීන්ගේ ද අවධානය යොමුවිය යුතු බවයි.