Gossips

ශිෂ්‍යත්ව විභාගය ගැන ජනපතිට ලිපියක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් කිරීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉල්ලීමක් කර තිබෙනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය ද 15,000 දක්වා සීමා කර ඇති බවයි.
මේ අතර, මාතලේ – නාවුල ප්‍රදේශයේ ඊයේ (22) පැවැති උත්සවයකට එක්වෙමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ අද වන විට මෙරට ක්‍රියාත්මක වන්නේ බොහෝ රටවල් ප්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක්‍රමයක් බවයි.