Gossips

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද පෙරවරුවේ අන්තර්ජාලයට

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතයි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පෙරවරුවේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
අගෝස්තු මස 5 වනදා විභාග මධ්‍යස්ථාන 3050 කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ අතර, ඒ සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326 ක්.
මේ අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුවෙකු සති දෙකක කාලයක සිට අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ පොලොන්නරුව – මැදිරිගිරිය – යාය හත – බිසෝ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි දරුවෙක්.
පසුගිය මස 16 වැනිදා පොලොන්නරුව මහ රෝහලට සිය මව සමඟ පැමිණි අවස්ථාවේ මෙම දරුවා අතුරුදන් වී තිබෙනවා.
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින අතරතුර වැසිකිලියට යාමට තමන් බැහැරව ගිය අවස්ථාවේදී මෙම අතුරුදන්වීම සිදුව ඇති බවයි මව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.