Gossips

ශිෂ්‍යත්වය හෙටයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050ක විභාගය පැවැත්වෙන අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින ළමයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්.
සිංහල මාධ්‍ය අයදුම්කරුවන් දෙලක්ෂ 67,770ක් සහ දෙමළ මාධ්‍ය සිසුන් 87,556 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටිනු ඇති.
පෙරවරු 9 වන විට සියළු අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, සිසුන්ගෙන් ඉල්ලා සිටියේ.