Gossips

ශාන්ත ජෝශප් කණ්ඩායම එක්දින තරඟයේ ජය ලබයි

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය අතර පැවති වාර්ෂික එක්දින තරඟය ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 10 කින් ජය ගැනීමට ජෝශප් විද්‍යාලයීය කණ්ඩායම අද සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 49 යි පන්දු 3 කදී සියලුදෙනා දැවී ලකුණු 250 ක් රැස් කළ අතර, තරඟය නතර කරනවිට පන්දුවාර 41 කදී කඩුලු 5 ක් දැවී ශාන්ත පීතර ක්‍රීඩකයන් ලබාගෙන තිබුණේ ලකුණු 175 ක් පමණයි.