Gossips

ශාන්තුවරයින්ගේ සටනේ දෙවන දිනය අද

මරදාන – ශාන්ත ජොසප් විද්‍යාලය සහ බම්බලපිටිය – සාන්ත පීතර විද්‍යාලය අතර 84 වන වරට පැවැත්වෙන ශාන්තුවරයන්ගේ සටනේ දෙවන දිනය අදයි.
පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ පලමු දිනය වු ඊයේ (02) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පන්දු වාර 49ක් අවසානයේ කඩුලූ 06ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 190ක්.
කණ්ඩායම් දෙකටම පළමු ඉනිම පන්දු වාර 60කට සීමා වූ මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල මරදාන ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් පන්දු වාර 53යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 195ක් පමණයි.