Gossips

ශාන්තුවරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

මරදාන – ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය – සාන්ත පීතර විද්‍යාලය අතර 84 වන ශාන්තුවරයන්ගේ සටන පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී අද ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා.
පළමු ඉනිමේදී ලකුණු 195කට දැවී ගිය ශාන්ත ජෝසප් පිළ දෙවන ඉනිම සඳහා කඩුලූ 8ක් දැවී ලකුණු 237ක් ලබා පන්දුවට පහරදීම අත්හිටුවනු ලැබුවා.
මුල් ඉනිමේදී ලකුණු 244ක් ලබා ගත් ශාන්ත පීතර පිළ තරඟය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 57ක්.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 89 වන ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය වූ අද දිනය නිමා වන විට පළමු ඉනිමේ පන්දුවට පහර දෙන නාලන්ද පිළ කඩුලූ 5ක් දැවී ලකුණු 107ක් ලබා සිටියා.
ඊට පෙර ආනන්ද පිළ මුල් ඉනිම සඳහා සියලූ ක්‍රීඩකයන් දැවී රැස් කළේ ලකුණු 141ක් පමණයි.
මෙවර ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරගය සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ හිරු ටී.වී, හිරු.එෆ්.එම්, සන් එෆ්.එම් ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයයි.