පාර්ලිමේන්තු මන්ත්‍රී ශාත්න බණ්ඩාර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි.
හිස්බුල්ලා මහතා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ නව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුවයි.
