Gossips

ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව එහි සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 සම්බන්ධ තීන්දුව පස්වරු 4 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ මෙම පෙත්සම් විභාග කෙරුණු අගවිනිසුරු නලින් පෙරේරා ඇතුලූ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
ශ්‍රේෂ්ඨාධිකරණය අවට මේ වනවිට ආරක්ෂාව තර කර ඇති අතර අමතර පොලිස් කණ්ඩායම් ද කැදවා ඇති බවයි එහි සිටින හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මේ පිළිබද නවතම තොරතුරු සදහා රැදී සිටින්න හිරු ටී.වී., හිරු එෆ්.එම් සහ www.hirunews.lk වෙබ් අඩවිය සමගින්.