Gossips

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළැයි, රන්ජන් රාමනායකට නොතීසි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කෙරුණා.
ඒ, පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයට අදාළවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත එලෙස නොතීසි නිකුත් කරන්නැයි අගවිනිසුරුවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව නීතිපතිවරයාට ද ලබන 7 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති බව හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළා.