Gossips

ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය Hiru Golden Film Awards 2018 හෙටයි – බොලිවුඩ් සුපිරි තරු දිවයිනට

ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, "Hiru Golden Film Awards 2018" හෙට 927) සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම්.
මේ "Hiru Golden Film Awards" තුන්වන සම්ප්‍රාප්තියයි.
බොලිවුඩ් තරු පිරිවරා මෙරට පැවැත්වෙන එකම සම්මාන රාත්‍රිය වන "Hiru Golden Film Awards" සඳහා සහභාගි වන එම සුපිරි තරු, මේ වනවිටත් දිවයිනට පැමිණෙමින් සිටිනවා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව 2014 වසරේදී පළමු වරට "Hiru Golden Film Awards" සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ ද බොලිවුඞ් සිනමා තරු රැසක් පිරිවරා ගනිමින්.
බොලිවුඩ් සුපිරි තරු පිරිවරා ගනිමින් 2016 වසරේදී එහි දෙවැන්න කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.
මෙවර "Hiru Golden Film Awards" 2018 සම්මාන උළෙලට සිද්ධාර්ත් මල්හෝත්‍රා, සෝනක්ෂි සිංහා, ශිල්පා ෂෙට්ටි, සයිෆ් අලී ඛාන්, ජුහී චවුලා, ගෝවින්දා සමගින් සරීන් ඛාන් යන සුපිරි බොලිවුඩ් තරු එක්වනවා.
හෙට (27) පැවැත්වෙන සම්මාන උළෙලට එක්වන සුපිරි බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ සරීන් ඛාන් මේ වන විටත් දිවයිනට පැමිණ අවසන්.
එසේම ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය වූ "Hiru Golden Film Awards 2018" සම්මාන උළෙල හැඩ කරන්නට ප්‍රවීන මෙන්ම ජනප්‍රිය සහ යොවුන් රංගන ශිල්පීන් මෙන්ම ශිල්පිනියන් අදත් කොළඹ සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේ පුහුණුවීම්වල නිරත වුණා.


හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2018 වර්ණවත් කරන්නට සරීන් ඛාන් පැමිණි අයුරු පහතින්.