Gossips

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය Hiru MegaStars 02 අවසන් මහා තරඟය හෙට

'ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය' හිරු මෙගාස්ටාර්ස් 02 (Grand Finale) අවසන් මහා තරඟය හෙට (07) රාත්‍රී 7.30ට ආරම්භකිරීමට හිරු පිරිවර සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය මෙය වන අතර ටෙලිවිෂන් ඉතිහාසයේ වැඩිම සුපිර තරු රැසක් එකම වේදිකාවක පෙළහර පෑ දැවැන්ත තරු සංග්‍රාමයද මෙයයි.
දැන් එහි උද්වේගකර අවසන් සංග්‍රාමය සුපිරි තරු යුගළ 40ක් උරෙන් උර තරඟවැදී දක්ෂයින් අතරින් අති දක්ෂයින් ලෙස තේරී පත්වූ විජයග්‍රාහී තරු යුගළ පහක් මෙම අවසන් මහා තරඟයේදී තරඟවැදීමට නියමිතයි.
ඒ් අනුව අනුජ් – දුෂේනි , මේනකා – රනිල් , කාවිංග – තාරුකා , නිලංග – රිතූ , නුවන් – ශෙහානි , යන මේ අවසන් තරු යුගළ 5 ඔබේ SMS මනාපය මත සජීවීව තරඟවැද ඔබේ තීරණයෙන් පමණක් ජයග්‍රහණය අභිෂේක ගැන්වීමට සූදානම්.
ශ්‍රී ලාංකේය රියැලිටි ඉතිහාසයේ දැවැන්ත තරු සංග්‍රාමයක අවසන් මහා රාත්‍රිය හිරු මෙගාස්ටාර්ස් 2 අවසන් මහා තරඟයට හෙට(07) රාත්‍රී 7.30 සිට සජීවීව මනාපය පළකරන්නට එකතුවන්න.