ශ්‍රී ලාංකික සරණාගතයින් 24 දෙනෙකු මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන් මැලේසියාවේ සිට නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව බලා යාමට එරට රැදී සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
ඒ අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු සහ කුඩා දරුවන් 4 දෙනෙකු ද සිටින බව සඳහන්.
මෙම පිරිසට අමතරව ඉන්දීය ජාතිකයින් 10 දෙනෙකු ද එරට ආරක්ෂක අංශ විසින් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම මෙම මිනිස් ජාවාරම මෙහෙයවීම සම්බන්ධයෙන් සැකපිට තවත් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අදාළ වාර්තාවල දැක්වුණේ.
