ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කළ බවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඞ් නිසාම්ඞීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය මගින් ඉවත් කරගෙන තිබෙනවා.
25 හැවිරිදි නිසාම්ඞීන් පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර, පසුව ඔහුට ඇප නියම වූයේ ඝාතන කුමන්ත්‍රණ චෝදනා ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන්.
සිඞ්නි නුවර මර්මස්ථාන ඇතුළත් ඔහුගේ සටහන් පොතේ තිබූ අත්අකුරු නිසාම්ඞීන්ගේ නොවන බව පසුව හෙළිදරව් වුණා. ඔහුගේ නිර්දෝෂීභාවය තවදුරටත් තහවුරු වීමත් සමගයි ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ඉවත් කරගෙන ඇත්තේ.
කෙසේ නමුත්, නිසාම්ඞීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥයා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
