මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකු වන ඩබ්ලිව්.ඒ. සාලිය පෙරේරා තායිලන්තයේ බැංකොක් නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගැනුණු ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු ලැබූ සැකකරුවෙකු බව තහවුරු වී යැයි බැංකොක් පොලීසිය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.
ඔහු වසර 4කට පෙර තායිලන්තයට පළා ගොස් සිටි බවයි අනාවරණ වී ඇත්තේ.
සාලිය පෙරේරා අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන ලෙස ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම් දීමක් කර තිබුණේ ශ්‍රී ලංකාවෙන්.
සාලිය පෙරේරා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිය හැකි මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දී තිබුණේ යැයි බැංකොක් පෝස්ට් පුවත්පත සඳහන් කළා.