Gossips

ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයින් හයදෙනෙකුට බාසිලෝනා යන්න මයිලෝ වෙතින් අනුග්‍රහය

තම ජීවිත කාලයේ එක් වරක් පමණක් ලැබෙන වටිනා අවස්ථාවක් වන යුරෝපයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ (Barca Academy)පාපන්දු පාසල විසින් සංවිධානය කරනු ලබන සිව් දින පාපන්දු පුහුණු කඳවුරකට සහභාගී වීමට ශ්‍රී ලාංකික පාසල් පාපන්දු ක්‍රීඩකයින් හයදෙනෙකුට අවස්ථාව හිමිව තිබෙනවා.
මේ සදහා පුර්ණ අනුග්‍රාහය ලබාදෙන්නේ නෙස්ලේ මයිලෝ සමාගම විසින්.
මේ පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.
බාසිලෝනා පාපන්දු කණ්ඩායම, ලොව පුම‍්‍රඛ පෙළේ වෘත්තීමය පාපන්දු ක්‍රීඩා සමාජයන් අතරින් එකක්.
මෙලෙස අනුග්‍රහය දැක්වීමේ අරමුණ වී ඇත්තේ පාසල් ළමුන්ව ක්‍රීඩාවලට සහභාගී කරවීම තුළින් ඔවුන්ගේ අරමුණු ජයගැනීමට සහාය වීමත් පරිපූර්ණ පෞරුෂ හිමිකරගැනීමය.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා වයස අවුරුදු 12න් පහළ ශ්‍රී ලංකා පාසල් පාපන්දු තරගාවලිය සමඟින් Road To Barcelona වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.
මෙම තරගාවලිය 2007 සහ 2008 වර්ෂයන්හි උපත ලැබූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවනට් විවෘත වන අතර ඒ අනුව බාලිකා කණ්ඩායම් 250ක් සහ බාලක කණ්ඩායම් 800ක් ඇතුළත් මෙම තරගාවලියට එක්වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 12,600ක්.
එම තරගාවලියේදී ඔවුන්ගේ දක්ෂතා හා වටිනාකම් සළකා බලමින් හොඳම ළමුන් පිරිසක් තෝරාගැනීමට නියමිතයි.
ඒ පිළිබඳ වැඩිදුර විස්තර Milo Sri Lanka ෆෙස්බුක් පිටුවෙන් ලබාගත හැක.
මාධ්‍ය හමුවට එක්වෙමින් නෙස්ලේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂිවානි හෙග්ඩේ පැවසුවේ පාසැල් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා කණ්ඩායම්, ක්‍රියාකාරකම්වල යෙදීමෙන් කණ්ඩායම් හැඟීම, නායකත්වය, සාධාරණත්වය, උත්සාහවන්ත බව, ගරුත්වය හා ආත්ම විශ්වාසය යන යහපත් වටිනාකම් බොහෝමයක් ළමුන්ට හිමිවන බවයි.