Gossips

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් ගුවන්තොටුපලේදී අතුරුදන්

ගෘහ සේවිකාවක ලෙස විදෙස් ගතවූ කාන්තාවක් කුවේට් ගුවන් තොටුපොළේදී අතුරුදන්ව ඇති බවට ඇගේ පවුලේ ඥාතීන් පවසනවා.
මහව – පොල්පිතිගම කදුරුවැව පදිංචිව සිටි දම්මිකා දමයන්ති මැණිකේ නම් 46 හැවිරිදි දෙදරු මව, තම පවුලේ ඇති ආර්ථික අගහිගකම් හමුවේ ගෘහ සේවිකාවක ලෙසින් කුවේට් බලා පිටත්ව යන්නේ 2016 වසරේ මැයි මාසයේදී.
නන්නාදුනන රටකට ගොස් දුක් මහන්සියෙන් උපයාගත් මුදලුත්, අනාගතය පිලිබද සුභ සිහිනත් පොදිබැඳන් ධම්මිකා නැවත, සිය රට බලා පැමිණීමට පසුගිය දිනක තීරණය කරනවා.
පසුගිය 12 වදා මෙරටට පැමිණීමට නියමිතව සිටි දම්මිකා පිළිබද කිසිදු තොරතුරක් නොමැතිව අදට දින 10 ක්.
ධම්මිකාගේ පවුලේ ඥාතීන් පවසන්නේ, ඇය කුවේට් ගුවන්තොටුපළ වෙත රැගෙන ආ බව කියන නිවසේ සේවය කළ රියදුරු සැක සහිත බවයි.