Gossips

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු චීනයේ ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගනී

චීනයේ නින්බෝ හි පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා.
කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් එහිදී තරඟ වැදුණු ඩිලන්ක ඉසුරු කුමාර, මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 105 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 135 ක් ලෙස මුළු බර කිලෝග්‍රෑම් 240 ක් ඔසවමින්.
මෙම ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය පැවැත්වෙන්නේ 2020 ටෝකියෝ – ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ තරඟාවලියක් ලෙසින්.