Gossips

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට තවත් අවස්ථා

ඕස්ට්‍රේලියාවේ – ගෝල්ඩ්කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ අද පැවති කිලෝග්‍රෑම් 57 පන්තියේ කාන්තා බොක්සිං පළමු අර්ධ අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකාවේ කේෂනී හංසිකා නවසීලන්තයේ ඇලෙක්සිස් ප්‍රිට්චාඞ් වෙතින් පරාජය ලැබුවා.
කෙසේ නමුත්, කිලෝග්‍රෑම් 49 බර පන්තියේ පිරිමි බොක්සිං පළමු අර්ධ අවසන් පූර්ව තරඟයෙන් ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ, වනවාටු දිවයිනේ බෙරී නම්රි පරදවා 5 ට බින්දුවක ජයග්‍රහණයක් හිමිකර ගත්තා.
කිලෝග්‍රෑම් 64 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ පී.වී.ඩී. දිනිදු නැබීබියාවේ ජෝනාස් ජෝනාස් වෙතින් තරඟ වට 5ට බින්දුවක් ලෙස පරාජය ලැබුවා.
මේ අතර, මීටර් 200 කාන්තා මූලික වටයේ තරඟවලදී ශ්‍රී ලංකාවේ රුමේෂිකා කුමාර රත්නායක දෙවන ස්ථානය ලබා අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා.