Gossips

ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකුගේ මළ සිරුරු තමිල්නාඩුවේ නිවසක

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරවෝයල් ප්‍රදේශයේ නිවසක තිබී සිය දිවි හානි කර ගත් බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි පියෙකු සහ ඔහුගේ අවුරුදු 4 ක් සහ 6 ක් වයසැති දරුවන් දෙදෙනායි.
දරුවන් දෙදෙනාට වස පානය කිරීමට සලස්වා පියා ද වස පානය කර සිය දිවි නසා ගන්නට ඇති බවටයි සැක කරන්නේ.
පසුගිය ඉරිදා සිට ඔවුන් පිළිබදව කිසිදු තොරතුරක් වාර්තා නොවීම හේතුවෙන් අසල්වාසීන් කරන ලද සොයා බැලීමකදී මෙම සිරුරු සොයා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.