එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි වාර්තාවක් මත පදනම්ව යෝජනාවක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ 37 වන මානව හිමිකම් සමුළුවේ සැසිවාරයකට සහභාගී වෙමින්.
එක්සත් ජාතීන්ගේ 37 වන මානව හිමිකම් සමුළුව මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා.
රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඊයේ (14) සමුළුවේදී අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු පිරිසක්.
