Gossips

ශ්‍රී ලාංකිකයන් පක්ෂ ලෙස නොව රටක් ලෙස එක්විය යුතුයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

ශ්‍රී ලාංකිකයන් පක්ෂ ලෙස නොව රටක් ලෙස එක්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
ලන්ඩන් නගරයේ පැවති එළිය සම්මන්ත්‍රණයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර මෙම සම්මන්ත්‍රණය පැවති අවස්ථාවේ ශාලාවෙන් පිටත එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරාව විරෝධතාවයකද නිරත වුණා.
එළිය වැඩසටහන ජත්‍යාන්තරය කරා රැගෙන යාමේ පළමු පියවර ලෙස ලන්ඩන් නගරයේ සංවිධානය කර තිබු මෙම සම්මන්ත්‍රණය සඳහා මෙරට එළිය සංවිධානය නියෝජනය කරමින් පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සහ ප්‍රවීන මාධ්‍යවේදි මොහාන් සමරනායක මහතා එක්ව සිටියා.
පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්
ඉන්දියාවේ හැමෝම ඉන්දියානුවන් හැටියටයි සලකන්නේ. හැබැයි අපේ රටේ සිංහලයොත් නැහැ, බෞද්ධයොත් නැහැ, ශ්‍රී ලාංකිකයොත් නැහැ. අපේ ඉන්නේ යු.එන්.පී කාරයෝ, ජේ.වී.පි කාරයෝ ඊළඟට පොදු පෙරමුණු කාරයො, පොහොට්ටු කාරයෝ. දේශපාලන වශයෙන් ගත්තොත් අපි එක එක කණ්ඩායම් වල පෙරමුණු වල ගැත්තන් බවට පත් වෙච්ච ජනතාවක් ඉන්න රටක්. කොටින්ම කියනවානම් මෙතනත් රට දිහා බලන්නේ නැතුව පක්ෂ දිහා බලන්නාවු කණ්ඩායම් හැදිලා ඉන්න බව අපට පේනවා. අපි බලන්න ඕනේ පක්ෂ දිහා නෙමේ අපි රට දිහා බලන්න ඕනේ.
මේ අතර මෙම සම්මන්ත්‍රණයට විරෝධය පළ කරමින් සහ යුද සමයේ ශ්‍රී ලංකා රජය යුධ අපරාධ සිදු කළේ යැයි චෝදනා කරමින් එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරාව විසින් මෙම සම්මන්ත්‍රණය පැවති ශාලාව ඉදිරියේ විරෝධතාවයක නිරත වුණා.

rn