Gossips

ශ්‍රී ලාංකිකයන් ඇතුලූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 558 දෙනෙකු තුර්කියේදී අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයන් ඇතුලූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 558 දෙනෙකු තුර්කිය පුරා සිදුකළ මෙහෙයුමකදී රඳවාගෙන තිබෙනවා.
සිකුරාදා සිදුකළ මෙම මෙහෙයුමේදී ශ්‍රී ලාංකිකයන් මෙන්ම බංග්ලාදේශ, පාකිස්ථාන, මොරොක්කෝ, ටියුනීසියා, ඉරාන, ඉරාක, පලස්තීන සහ ඊජිප්තු ජාතිකයන් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සිරියානු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 51 දෙනෙකු සහ ඇෆ්ගන් සංක්‍රමණිකයන් 37 දෙනෙකුද මෙලෙස රඳවාගත් පිරිසට ඇතුළත්.
මොවුන් බොහෝදෙනෙකු තුර්කිය හරහා යුරෝපයට සංක්‍රමණයවීමට තැත් කළ අය බවයි තුර්කි බලධාරින් ප්‍රකාශ කළේ.