ශ්රී ලන්කන් ගුවන් සමාගම, ශ්රී ලන්කන් කේටරින් සමාගම සහ මිහින් ලංකා සමාගම යන ආයතනවල සිදුවූ අක්රමිකතා පිළිබදව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය මාස 05කින් දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (31) නිකුත් කරමින් කියා සිටියේ මෙම කොමිසමේ කාලය දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කර ඇති බවයි.
අදාළ කොමිසමේ කාලය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.
2006 වසරේ ජනවාරි මස 01 වන දා සිට මේ වසරේ ජනවාරි මස 31 වන දා දක්වා කාලය තුළ අදාළ සමාගම්වල සිදුවූ අක්රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමටයි මෙම ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේ.
